iPhone එකක් ගන්නවනම් මෙන්න මේ කරුණු වලට මූලික අවදානය දෙන්න..!!

භාවිතා කරපු iPhone එකක් ගන්නවනම් මෙන්න මේ කරුණු වලට මූලික අවදානය දෙන්න..!!
හැමෝටම සුභ දවසක්, ගොඩක් කාලෙකින් තමයි මම මේ ලිපියක් ලියන්න හදන්නෙ. අද අපි කථා කරමු ගොඩක් දෙනෙක්ට වැදගත් වන මාත්ෘකාවක් ගැන. ගොඩක් දෙනෙක්ට කිව්වේ Apple iPhone එකක් ගන්න හිතන් ඉන්න අයට මෙන්ම iPhone ගැන දැනගන්න ආස අයටයි.
අපි කොයි කවුරුත් වගේ Apple Products වලට ආසයි. ඒ ඇයි දන්නේ නෑ, ඒත් සමාජයේ හොද නාමයක් මේ ඇපල් සමාගම දිනාගෙන තියෙනවා. ඒ නිසා Apple iPhone භාවිතා කරන්න කොයි කවුරුත් ආසයි. නමුත් මෙම උපාංග වල දැරිය නොහැකි මිල නිසා ගොඩක් දෙනෙක් iPhone ගන්නෙ කලින් භාවිතා කරපු දුරකථනයි. ඉතින් ඇපල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවේ. භාවිතා කරපු iPhone එකක් ගන්නවනම් හොදට හොයලා බලලා ගන්න එක තමයි හොද, නැත්නම් වියදම් කරපු සල්ලි ටික වතුරේ.
මෑතකදී නිකුත් උන iPhone 8 හා iPhone 8+ මෙන්ම තව දින කිහිපයකින් නිකුත් වීමට ඇති iPhone 10 (iPhone X)  සමග iPhone පව්ලේ සාමාජිකයන් ගනන වැඩි වෙනවා. ඒ කියන්නේ iPhone පරන මාදිලි වල ගනන් අඩු වෙනවා කියන එකනේ. ඉතින් ඔයා භාවිතා කරපු iPhone එකක් ගන්න ඉන්නවනම් මෙන්න මේ කරුණු වලට මූලික අවදානය දෙන්න කියලා අපි ඉල්ලනවා.
ඉස්සල්ලම imei එක කරන්න.
iPhone එක අතට අරන් *#06# ඩයල් කරන්න. එතකොට ෆෝන් එකේ imei එක දිස්වෙයි. ඒ නම්බර් එක මෙන්න මේ සයිට් එකට ගිහින් Submit කරලා දුරකථන‍යේ විස්තර බලාගන්න. මෙහෙම විස්තර ආවෙ නැතිව invalid imei  කියලා දිස් උනොත් ඒක fake iPhone එකක්. එහෙම නැත්නම් high copy එකක්.

iPhone එකේ බද පරික්ශා කරමු
ඔයා හොදින් බලන්න iPhone body එකේ වටේ metal frame එකට හානි වෙලාද කියලා. ඒ කියන්නේ පලුදු වෙලාද, නිකන් තැලිලා ගිහින් වගේද කියලා. ඔයා හිතුවොත් ඒක ප්‍රශ්ණයක් නෑ Back cover එකක් දාගෙන Use කරන්න පුළුවන් කියලා? හැබැයි ෆෝන් එක කලයක් භාවිතා කරනකොට ඔයාට යම් යම් දෝෂ ඇතිවෙන්න පුළුවන්. මොකද වටේ metal frame එකට හානි වෙන්නේ ෆෝන් එක දැඩි ලෙස කොහෙහරි වැදුනොත් විතරයි. ඒ ඝට්ටනය වීමෙන් ඔයාගේ ෆෝන් එකේ හාඩ්වෙයාර් දුර්වල වී හෝ පලුදු වී තිබෙන්නට පුළුවන්. එමෙන්ම බදේ පහල කෙලවරෙහි ඇති කුඩා ඇණ දෙක දෙස හොදින් බලන්න ඒවා කලින් ගලවා තිබෙනවද කියා,පළුදු වී තිබෙනවද කියා.
iPhone Battery එක Check කරමු.
දාලා තියෙන බැටරිය Original ද Chinese ද කියලා ෆෝන් එක ගලවන්නේ නැතිව හොයන්න විදිහක් නැහැ. නමුත් අපිට චෙක් කරන්න පුළුවන් දැනට තියෙන බැටරියේ ආයුකාලය කොහොමද කියලා. මම මේ සම්බන්ද ලිපියක් කලින් පලකලා. ඒක මෙතනින් බලන්න. iPhone Battery Health Tester – බැටරිය චෙක් කරගන්න
ඔයාට පුළුවන් Battery App එක මගින් බැටරියේ ගුණාත්මක භාවය බලාගන්න. ෆෝන් එක අල්ලන් ඉන්නකොට රත් වෙනවා වගේනම් ඒක Battery short එකක් වෙන්න පුළුවන්.
Display එක Check කරමු.
ෆෝන් එකේ වටිනම තවත් කොටසක් තමයි Display එක කියන්නේ. ගොඩක් use කරලා විකුනන්න දාපු iPhone වල තියෙන්නේ Replace කරපු Display. ඒ නිසා හොදට බලන්න හදිසියක් නැතිව. Display එකේ Brightness හොදටම වැඩි කරලා තනි සුදු හා කළු පැහැති පසුබිමක් අරන් බලන්න patches තියෙනවද කියලා. ඒකට මේ ඇප් එක ප්‍රයෝජනවත් වෙයි.
නැත්නම් තනි සුදු image එකකුයි තනි කලු පාට image එකකුයි අරන් වෙන වෙනම හොදට බලන්න display එකේ කොහේහරි තැනක වැඩියෙන් එළිය එන or Dark patches තියෙනවද කියලා.
ඊලගට Assistive touch එක අරන් Screen එකේ සෑම තැනකටම සෙමින් චලනය කරමින් බලන්න assistive touch එක කැඩෙන් නැතිව දිගටම ඇගිල්ල දිගේ එනවද කියලා.
Speakers And Mic චෙක් කරමු
මේවනම් චෙක් කරන්නත් දෙයක් නෙවෙයි. ඒත් කෝකටත් චෙක් කරලා ගන්න, ඔයාට පුළුවන් සිංදුවක් play කර එය පැහැදිලිව ඇහෙනවද කියලා බලන්න, Volume වැඩි කරලා බලන්න Speakers දෙදරනවද නැද්ද කියලා. කාටහරි කෝල් එකක් අරන් හරි වොයිස් එක රෙකෝඩ් කරලා හරි බලන්න මයික් එක වැඩකරනවද කියලා.
කැමරාව චෙක් කරමු
මේකත් හොදට බලන්න Rear camera එක හා Front camera එක. කිහිප වරක් ෆොටෝස් Capture කර බලන්න. එමෙන්ම තනි සුදු පසුබිමකට කැමරාව එල්ල කර බලන්න Dark dots,patches වගේ දේවල් තියෙනවද කියලා.

Test & Check for iPhone
ඔයාට ඉහත සදහන් කරපු දේවල් මේ ඇප් එක මගින් චෙක් කරගන්න පහසුවෙන් පුළුවන්

අනිත් iPhone Accessories Check කරමු.
Charging Dock එක බලන්න Original එකක්ද කියලා.
Original charging dock එකේ USB Port එකට ඇතුලතින් පැහැදිලිව Serial Number එකක් දැකගන්න පුළුවන්
එමෙන්ම Original Charger එකේ ඉහත රවුම් කර ඇති කොටස් හොද මටසිලිටු නිමාවකින් සමන්විත වන අතර Fake Charger එකේ හොද නිමාවක් දක්නට නොමැත.
Lightning cable එකත් හොදට බලන්න කොහෙහරි පළුදු වෙලාද, නැත්නම් ෆේක් එකක්ද තියෙන්නෙ කියලා.

අවසානයේ?
සියල්ල පරික්ශා කර අවසන් වූ පසුව දුරකථනයේ අයිතිකරුට කියා දුරකථනයේ දැනට Setup කර ඇති iCloud Account එක අයින් කර දුරකථනය Hard Reset කරගන්න. කෙදිනකවත් iCloud Account එකකට ලොග් වී ඇති දුරකථන මිලදීමෙන් වලකින්න. මොකද එම දුරකථනය ඔබ මිලදී ගත්තත් එහි නියම අයිතිකරු වන්නේ ෆෝන් එකේ ඇති iCloud Account එකෙහි හිමිකරුවාය. ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබේ දුරකථනය Lock කිරීමට හා දුරකථනයේ දත්ත සියල්ල මකාදැමීමට ඔහුට හැකියාව ඇත. iCloud Account එකක් රහිත දුරකථනයක් ගැනීමට වග බලා ගන්න. එය ඔබට දුරකථනයේ Settings >> Apple ID වෙත ගොස් පරීක්ශා කරගත හැකිය.

දැනුවත් වීම සදහා:
  • වෙළදපලේ ගොඩක් iPhone තියෙනවා Refurbished ඒවා. හොයන්නම බැරි විදිහට Seal Pack කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා අලුතෙන්ම ගන්නවනම් Apple urgent කෙනෙකුගෙන් ගන්න. මොකද අපි කවුරුත් කැමති නෑනේ හිත රවට්ටන් බාල iPhone එකක් භාවිතා කරන්න.

  • එමෙන්ම R Sim හා Factory Unlock ලෙස ප්‍රදාන වර්ග දෙකක් තියෙනවා. R Sim කියන්නේ ඔයාගේ සිම් එක කෙලින්ම භාවිතා කරන්න බෑ. එනම් සිම් එක ඇක්ටිව් කිරීමට තවත් සිම් පතක් භාවිතා කල යුතු වෙනවා. R Sim එක පහත රූපයෙන් දක්වා ඇත.
  • Factory Unlock යනුවෙන් අදහස් කරනුයේ ඕනෑම සිම් පතක් කෙලින්ම Sim tray එකට දමා දුරකථනයට ඇතුල්කර භාවිතා කර හැකි වර්ගයයි. මෙම R Sim දුරකථන වලට වඩා සාපේක්ෂව Factory Unlocked මිලෙන් වැඩිය. එමෙන්ම R Sim සහිත දුරකථනයක් Factory Unlock කිරීමටද හැකියාව ඇත. නමුත් එය කිරීමට යම් මුදලක් වැයවේ.

  • එමෙන්ම මිල අඩුවට Use කරපු iPhone තියෙනවා Japan Softbank ඒවා. එනම් Silent කලත් ෆෝන් එකේ Camera Shutter Sound එක Silent කරන්න බෑ. Softbank iphone එකක් ඔයාට අහුුවුනොත් කවදාවත් ඔයාට හොරෙන් ෆොටෝ එකක්නම් ගහන්න බැරිවෙයි. ෆෝන් එක jailbreak නොකර Shutter Sound එක අයින් කරන්නත් බෑ.එමෙන්ම Japan Softbank R sim සහිත දුරකථන Factory Unlock කිරීම සදහා ඉතා අදික මුදලක් වැය වෙනවා. එම නිසා එවැනි දුරකථන බොහෝමයක් R sim කරන ලද ඒවායි.

  • ikman එකේ හෝ වෙලදපලේ තියෙන used iphone එකක් ගන්නකොට Same imei කිව්වට ඔයා හොදට බලන්න Box එකේ imei එකයි iphone එකේ imei එකයි එකමද කියලා.

No comments:

Post a Comment